නගරයේ එක් නිවසක "සුරතල් බලුපැටවුන් විකිනීමට තිබේ" යැයි දර්ශනීය නාම පුවරැවකි.
මෙය දුටු කුඩා දරුවා එහි ගොස් "ඔබ ලග ඉන්න බලුපැටවුන්ගේ මිලගනන් කොහෙමද?" යැ විමසීය.
අයිතිකරු " රුපියල් 800 ත් 1000 අතර මිලකට ගන්න පුළුවනි"
දරැවා තම සාක්කුවලට අතයොමා එලියට ගත් මුදල් ගනින්නට විය. අනතුරැව "මගේ ලග තියෙන්නෙ 750 යි. කමක් නැ මට ඔයාගේ බලුපැටව් බලන්න පුළුවන්ද?" යි ඇසුවෙය.
අයිතිකරැ මද සිනාවකින් අනතුරුව අසල සිටි වැඩකරුට පැටවුන් රැගෙන එන්නට විධානය ලබාදුන්නෙය.
මොහෙතකින් ඉතා අලංකාර සුරතල් බලු පැටවුන් හත් අටදෙනෙක් වැඩකරැ පසුපසින් දිව ආ අතර ඉන් එක් පැටවෙකු සෙසු පැටවුන්ට වඩා සෙමින් හා පසුපසින් ආවේය. දරුවාගේ දෙනෙත් යොමු වූයේද එම පැටවා දෙසට ම ය.
ඒ දුර්වල පැටවා වඩාගත් දරුවා "මේ බලු පැටියාට තියන ප්‍රශ්නය මොකක්ද....?"
අයිතිකරැ "මුගේ උකුල් ඇටය නෑ දරැවො"යි පශුවෛද්‍ය වරයා පරික්ෂාකොට බලා කීබව ඔහු විස්තර කළේය.
දරුවාගේ මුහුණ අදුරු විය. මොහොතකින් සතුටු සිනාවක් පලකළ දරුවා. බලු පැටවා පපුවට තුරුලු කරගෙන
"මේ තමයි මට අවශ්‍ය බලු පැටවා" යැයි පැවසුවේය.
එම කථාව ඇසූ අයිතිකරු
" ඇත්තටම ඔබට ඕනි මේ සතාව නම් මට මුදල් ඕනි නෑ. ඔයා මේකව ගෙනියන්න." එම වචන ටික අයිති කරුගේ මුවෙන් ගිලිහෙත් ම දරුවාගේ මනස බොහෝ සෙයින් ව්‍යාකූලවිය. මුහුන ද අදුරු කරගෙන මෙසේ කීය.
"මට මෙයාව නිකන්නම් එපා මම දැන් රුපියල් 750 ක් දෙන්නනම්. ඉතිරිය ඉක්මනින් ගෙනත් දෙන්නම්"
එවිට අයිතිකරු
"දරුවො..........!!! ඔයත් එක්ක දුවල පැනල සෙල්ලම් කරන්න මේ බලු පැටියට කොහෙත් ම බෑ. ඒනිසා මට මුදල් අවශ්‍ය නැ. ඔයා මේකව අරගෙන යන්න."
එය ඇසූ දරුවා, මෙතෙක් ලයට තුරුලු කරගෙන සිටි පැටවා සෙම්න් බිමින් තබා ඉතා අමාරුවෙන් තම කලිසමේ දකුණු කකුල ඉහලට ඔසවා, ආයාසයෙන් අයිතිකරු දෙස බලමින් ගෝස් හා ලී පතුරු තබා ආධාර කරගත් තමාග් දකුණු පාදය පෙන්වමින් මෙලෙස මිමුණුවේය.
"ඇත්තටම මටත් ඔබ හිතන තරමට හොදින් දුව පැන ඇවිදින්න බෑ...,
"ඒත් මේ බලු පැටියට මෙයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනි"

සැබෑම උපකාරය
This comment has been removed by the author.
ReplyDeleteniyamayi.apita apiwath therenne nathi kota anith ayawa therenn kohomada?
ReplyDeleteබොහේම ස්තුතියි.
Deleteඅපි උත්සාහ කරමු තේරුම් ගන්නට.
ReplyDelete