Sunday, April 15, 2012

දෙන දේවල් අතරින් හොදම දේ මෙන්න. ( “සබ්බදානං ධම්මදානං ජිනාති“ )

සුභම සුභ පුණ්‍ය වන්ත අලුත් අවුරුද්දක් වේවා....... ඔබ සැමට....!!!

එක දවසක් බුදු හාමුදුරුවො ස්වාම්න් වහන්සේලා ඉස්සරහින් තියාගෙන වස්ත්‍රයක් උපමා කරගෙන වටිනා දේශනාවක් කළා. ඒ කාලේ බුදු හාමුදුරුවො වැඩහිටියෙ ජේතවනාරාමයෙ. ඒක තියෙන්නෙ සැවැත්නුවර කියල නොදන්න කෙනෙක් නෑනෙ. අන්න එදා බුදු හාමුදුරුවො මෙන්න මෙහෙම දේශනා කරනව.
“........ප්‍රණීතවූ මාර්ග සත්‍යය ඇත. මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සංඥාවට වඩා උතුම් නිර්වාණය ඇතැයි දනියි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදෙයි. භවාශ්‍රවයෙන්ද මිදෙයි. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදෙයි. එසේ මිදුණ කල්හි මිදුණේයැයි දැනීමවෙයි. උත්පත්තිය කෙළවර විය, මඟ බඹසර වැස නිමවන ලදී. සතර මාර්ගයෙහි කටයුතු කරනලදී. මේ ආත්මය පිණිස කළයුතු අනෙකක් නැත්තේයැයි දනී.
මහණනි මේ මහණතෙම අභ්‍යන්තර නෑමෙන් නෑයේයැයි කියනු ලැබේ.“

මෙන්න මේ වෙලාවෙ මෙතන හිටිය සුන්දරික භාරද්වාජ කියල බ්‍රාහ්මණයෙක්. මේ කථාව අහල මෙයා අහනව
භාග්‍යවතුන් වහන්ස නෑම සදහා බාහුකා නදියට යන්නේද..........???
බමුණො හිතාගෙන හිටියෙ ඕනිය පාප කර්මයක් කරල බාහුකා නම් ගඟට, අධිකක්ක නම් තොටට, ගයා නම් තොටුපලට, සුන්දරිකා නම් ගඟට, සරස්වතී නම් ගඟට, ප්‍රයාග නම් තොටට, එහෙමත් නැතිනම් බාහුමතී නම් ගඟ වගේ එකකට  බැහැල නාගත්තාම ඒ පව් සියල්ලක්ම අහවර වෙලා පිරිසිදු වෙනව කියලනෙ. දුක හිතෙනව නේද මෙයාල ගැන.
ඉතින් බුදු හාමුදුරුවො මහා කරුණාවෙන් මෙයා දිහා බලල මිනිසෙක් පිරිසිදු වෙන්නෙ බාහුකා නදියෙන් නෑමෙන් නොවන වගත් පිරිසිදු වීමට තිබිය යුතු ලක්ෂණත් කියාදුන්න. එදා ඒ බමුණට කියාදුන්න ලක්ෂන ටික තමයි ඔය උඩ පින්තූරෙ ඇතුලත් කරල තියෙන්නෙ. ඔය ගුණ කෙනෙක් ලග තියනවනම් ගෙදර ළිදත් අර මුලින් කියපු පිංතොටවල් ටිකත් අතර වෙනසක් නැතැයි කියාදුන්න. ( වැඩිදුර කියවන්න මෙතනින් යන්න)
ඉතින් මේ ටික කීවේ ලැබූ අලුත් අව්රුද්දෙ අලුත් විදියට ජීවිතේ පටන්නගන්න පොඩි ශක්තියක් දෙන්නයි. අවසානෙ බමුණ පැවිදි වෙලා රහත් උනා.

හරි දැන් කියන්නම් කො මම අද ආවෙ ඇයි කියල. ඇත්තටම කීවොත් අලුත් අවුරුද්දට වටිනාම තෑග්ගක් දෙන්නයි යන්නයි. මතකයිනෙ ජනවාරි මාසෙ පිංකම් මාලාව  මේ තියෙන්නෙ විස්තර. අන්න ඒ පින්කම් මාලාවෙදි පටිගත කළ ධර්ම දේශනා නැවත ශ්‍රවණය කරන්න ඔයාලට පුළුවන් ඔන්න. දහමට ලැදි සැමට. ඒ විතරක් නෙමෙයි ගෙදර ඉන්න ආච්චිට සීයට ඇයි අම්ම තාත්ත. ඒ අයටත් අහන්න දෙන්න පුළුවන්නෙ. ඒක කොයිතරම් පිංකමක්ද. ඔනිනම් බාගත කරගෙන විවේකී වෙලාවට අහන්නත් පුළුවන්. මේ තියෙන්නෙ ඒ දේශනා වලින්  කීපයක් විතරයි. ඉතිරිය ඉක්මනින්ම දාන්නම්. මේව ජීවිතේ හදාගන්න අත්වැලක් වේවි කියල හිතනව.
                         තෙරුවන් සරණයි............!

Share/Bookmark

2 comments:

  1. http://www.youtube.com/watch?v=ow0ws9LXzxI&feature=g-all-pls&context=G201e76cFAAAAAAAAAAA

    ReplyDelete
  2. ඉතින් බුදු හාමුදුරුවො මහා කරුණාවෙන් මෙයා දිහා බලල මිනිසෙක් පිරිසිදු වෙන්නෙ බාහුකා නදියෙන් නෑමෙන් නොවන වගත් පිරිසිදු වීමට තිබිය යුතු ලක්ෂණත් කියාදුන්න. එදා ඒ බමුණට කියාදුන්න ලක්ෂන ටික තමයි ඔය උඩ පින්තූරෙ ඇතුලත් කරල තියෙන්නෙ. ඔය ගුණ කෙනෙක් ලග තියනවනම් ගෙදර ළිදත් අර මුලින් කියපු පිංතොටවල් ටිකත් අතර වෙනසක් නැතැයි කියාදුන්න. (හිසට එක කොල ජාතියකුත් පයට එක කොල ජාතියකුත් තියල බමුනො හදපු නැකතට නාන එක බුදු හාමුදුරුවො දැක්කනම් වස ලැඡ්ඡාවයි අනේ...........නැකැත් මිත්‍යා දිට්ඨිකයි.... දෙන දේවල් අතරින් හොදම දේ දෙන්න...සම්මා දිට්ඨියට එන්න..... තෙරුවන් සරණයි.....)

    ReplyDelete