අපගේ වෑයම

පුංචි කාලේ පොඩි පන්තියක දි මගේ එක් ගුරුවරයෙක් හරි ලස්සන ශ්ලෝකයක් කියල දුන්න. මට තාම මතකයි ඒක. ඊටත් වඩා ඒක ගායනා කල හඩ තාමත් හිත ඇතුලෙ නින්නාද දෙනව.
හෙල කියමනකුත් තියනවනෙ “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි“ කියල. උක්ත ශ්ලෝකයෙන් කියවෙන්නෙත් ඒවගේම කියමනක්. මේ බලන්නකො ! 
“ගස් මල් ඵල දරන්නේ ගසේ ප්‍රයොජනය පිණිස නොව අන්‍යන්ට උපකාර පිණියි. ගංගාවන් ගලා බසින්නේ ගගේ ප්‍රයොජනය පිණිස නොව අන්‍යන්ගේ ප්‍රයෝජනය පිණිසයි. දෙනුන් කිරි දොවන්නේ දෙනගේ ප්‍රයොජනය පිණිස නොව අන්‍යන්ගේ ප්‍රයොජනය පිණිසයි.“
මුල් පද තුනෙන්ම හරිම ලස්සන උදාහරණ තුනක් පෙන්නල මේ රචකය අපිට කියනව “ පරෝපකාරාය මිදං ශරීර:“  මේ ශරීරය මහ පොළවට පස්වෙලා යනවලු එනිසා හැම විටම තම ජීවිතය අන්‍යන් වෙනුවෙන් පවත්වන්න කියල.
බුදුහාමුදුරුවො මට කියාදුන් පරිදී තමා දන්නා දෙයක් (යහපත්) තව කෙනෙකුට කියා දෙන්න පුළුවන්නම් ඒක ලොකු පිංකමක්. ඊටත් වැඩියෙන් ඒක උදාර මානව ගුණයක්.  මිනිසෙක් ලග පැවතිය යුතුම ගුණයක්.

ගොඩක් කාලෙක ඉදල ලොකු ආසාවක් තිබුන වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ඕනි කියල. ඒ සිතිවිල්ලෙ ඉන්නකොට සිංහල බ්ලොග් කියවන්න ලැබුණ. ඒ වෙලාවෙ හිතුව දැනට බ්ලොග් එකක් හදල පස්සෙ වෙබ් එකක් හදනව කියල. ( වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට දැනුම මද බැවිනි)
ඇත්තටම අරමුණ උනේ තව කෙනෙකුට ආලෝකයක් ලබා දෙන්නයි. නමුත් ඒ ආලෝකය සුර්යාලෝකයක් නොවන්නට පුළුවනි. එහෙත් මෙය පුංචිම පුංචි පහන් ආලෝකයක් හෝ වේයැයි මසිත මට මුමුණනව. “ අදුරේ සිටින්නහුට එක් පහනක් උව මහ මෙරකි“ කියල හිතුනෙ ඒ නිසයි.

ඇතැම් විට කෙනෙකුට හිතෙන්න පුළුවන්  මෙහෙම බ්ලොග් ලියල මිනිස්සුන්ට අත්වැලක් වෙන්නෙ කොහොමද?????? ඔයිට වැඩිය යමක් කරන්න පුළුවන් නේද. මේක මහ විහිලු වැඩක් නේද කියල.
ඇත්තටම ඔව් ඔබ සාධාරණයි. මිනිස් සිත කියන්නෙ මහ පුදුම දෙයක්. අපි ඔක්කොම මිනිස්සු උනාට එකම දේ එකම විදියට දකින්නෙ නෑනෙ.  අපි විවිධ කෝණ වලින් බලන්න පුරැදුවෙලා ඉන්නෙ. (ඒක වැරදියි කියනව නෙමෙයි) ඒනිසා කෙනෙකුට වැදගත් කියල හිතෙන දෙයක් තව කෙනෙකුට නොවැදගත් කියල හිතෙන්න පුළුවනි. අද නරකයි කියල හිතුනදේ සමහර විට හෙට හොදයි කියල හිතෙන්න පුළුවන්. අර අපේ පැරැණ්නො කීවේ “කලකදි වහලු කලකදි රස වෙනවාලු“ කියල.

කොහොම හෝ වේවා බොලොග් කියවන දහස් සංඛ්‍යාත පිරිස අතුරෙන් එකම එක අයෙකුට හෝ මෙය අත්වැලක් වේ නම් මාගේ අරමුණද එයයි.
පුංචි කතාවකින්ම අරමුණ පැහැදිලි කිරීම අවසන් කරන්නම්.
ඒක හරිම ලස්සන හැන්දෑවක්. පෑලදිග ආකාශය රන්වන් පැහැයෙන් වර්ණවත් වෙලා. රාහුල හිමියෝ කීසේ විලිකුන් සුරත් ඵලයක් වැනි වූ රිවි මඩල තවත් නොබෝ වේලාවකින් නටුවෙන් ගිලිහී වැටෙන්නට ආසන්නයි. දවසේ වැඩ නිමවූ එක් මිනිසෙක් මේ අසිරිය දෙනයනින් විදිමින් මුහුදු වෙරළ දිගේ ඉදිරියට ඇදෙයි. මේ අතර ටික්ක දුරින් වන්නට තවත් මිනිසෙක් වෙරළේ ඇති යමක් අහුලාගෙන මුහුද දෙසට විසිකරණ අයුරු පෙනෙන්නට විය.

කුමක්දැයි දැනගැනීමේ අටියෙන් ඇවිදිමින් සිටි මිනිසා එතනට සෙමින් ළඟා උනා. ඔහු දැක්කෙ අරි අපූරු වැඩක්. වෙරළට ගසාගෙන ආ තාරකා මාලුවන් අල්ලා නැවත මුහුදට විසිකරනව. මොහුගේ මේ නිරර්ථක කියාව දැක මුවට සිනාවක් නගාගෙන තමන් කරන්නෙ නිරර්තක දෙයක් බව වටහා දෙන්නට කල්පනා කරමින් තව ටිකක් කිට්ටු කළා.
“ආයුබෝවන් මිත්‍රයා........ ඔබ මේ කරන ක්‍රියාව මට හරි පුදුමයක්......!
“මේ මාලුවන් රැල්ලට අහුවෙලා වෙරළට ගහගෙන ඇවිත්. දැන් බාදිය වෙලාව නිසා මෙහෙම හිටියොත් මෙවුන් මැරිල යනව. ඒකයි මුන්ව මුහුදට විසිකරන්නෙ.“
මද වේලාවක කල්පනා කාලයක සිටි ඇවිද ආ මිනිසා.
“ඔයා කින එක මට තේරෙනව. ඒත් ඔයා කරන්නෙ නිරර්තක ක්‍රියාවක්. මේ බලන්න මේ වෙරලළම දහස් ගානක් තාරකා මාලුන් ගොඩට ඇවිත් ඉන්නව. මේ අවට තවත් ගොඩාක් වෙරළ වල මේ සිදුවීම මේ විදියටම සිදුවෙනව. ඔයාට තෙරෙන්නෙ නැතිද ලක්ෂ ගනනක් තාරකා මාලුන් එක්ක සසදනකොට ඔයා කරන්නෙ මොනතරම් නිරර්තක ක්‍රියාවක් ද කියල. මේ වැඩෙන් ඔබට එතරම් වෙනස් කරන්න නොහැකි යි මේ මාලුන්ට“......!!!
එවිට තාරකා මාලුන්ට අභය දෙමින් සිටි මිනිසා මද සිනාවකින් ඔහුට සංග්‍රහ කොට බිමට නැමී තවත් එක් තාරකා මැලුවෙක් අතට ගෙන මුහුදට විසිකරන ගමන් මෙලෙස කීවේය.
“ඔන්න මම ඒ සතාට වෙනසක් කලා..............“ 

Share/Bookmark