Wednesday, January 4, 2012

"ධම්මොසධ සමංනත්ථි ඒතං පිවත භික්ඛවො....."

වැහි පොදක් වන්නට
වියලි බිම් තෙමෙන්නට
බත් කටක් වන්නට
දිළිදු කුස් පිරෙන්නට
වන මලක් වන්නට
සුවද විහිදන්නට
ගීතයක් වන්නට
ලොවම පුබුන්නට
සොදුරු හෙටක් වන්නට
හෙටක් නැති මිනිසුනට හැමවිට..............................
ඔබ සැමගේ ආත්ම ශක්තිය ලැබූ 2012 වසරේ ප්‍රබල වේවායි අප පැතුමයි.................!!!

ධර්මය ඔසුවකි. කායික, මානසික සියලු දුක් නසාලන. සජීවීව ඔබට බුදු බණ පදයක් ශ්‍රවණය කරන්න මහගු අවස්ථාවක්. කුරුණෑගල, මාවිදළුපොත සිරි සුගත සේනායනයේ පහළොස්වන වරට පවත්වන වාර්ෂක පින්කම් මාලාව මේ දිනවල එම සේනාසනය තුළ සිදුවෙමින් පවතී.
සවස 6.00 තමයි පින්කම ආරම්භ වෙන්නෙ. විචිත්‍ර ධර්මදේශකයන් වහන්සෙලා විසින් මෙම මස 29  වෙනි දින දක්වා දේශනා පැවැත්වෙනව. ඒත් එක්කම අටවිසි බුද්ධ පූජා පින්කමක් ද පැවැත්වෙන අතර මේ සදහා සජීවීව සම්බන්ධ වීමට ඔබහට හැකි බව සිහිපත් කරනුයේ හදපිරි සතුටිනි.
 මෙන්න මෙතනට    ගිහින් බුදු බණ පදයක් ඉගෙන ගනිමු.







































  • දේශකයාණන් වහන්සේ  සවස 6.00 වන විට වැඩම කළේ නැතිනම් මුලින් අටවිසි සම්බුද්ධ පූජාව පවත්වා දෙවනුවයි ධර්ම දේශනාව ප්‍රචාරය වන්නෙ.
  • ඇතැම් වේලාවට අන්තර්ජාල සම්බන්ධයේ වේගය අඩාල වන බැවින්. එවැනි අවස්ථාවල ශ්‍රවණයට බාධා ඇතිවිය හැක. ඒ පිළිබදව බලවත් කණගාටුව. 
සම්බුදු සසුන ලොව බෝකල් පවතීවා............!!
තෙරුවන් සරණයි.............!! 
**********************************************
දැන් පිංකම ඉවරයිනෙ එම ධර්ම දේශනා ශ්‍රවණය කරන්න බැරි උනානම් මෙතනින් ගිහින් ශ්‍රවණය කරන්න පුළුවන් දැන්.


Share/Bookmark

2 comments:

  1. සිරි සුගත සෙනාසන‍යෙන් ගලා යන දහම් සිසිල ළොවටම බෙදීමට ඔබ වහන්මසේට ශක්තිය හා ධෛර්ය ලැබේවා.....

    තෙරුවන් සරණයි....

    (අ‍චින්ත උඩුකුඹුර)

    ReplyDelete