Sunday, September 4, 2022

උග්ග ගෘහපතියා තුළ පැවති ආශ්චර්ය අද්භූත ධර්ම කාරණා අට

දේශනාවේ මාතෘකාව

#හත්ථිගාමක_උග්ග_සූත්‍රය අට්ඨහි, භික්ඛවෙ, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං උග්ගං ගහපතිං හත්ථිගාමකං ධාරෙථා’’ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ දෙවැනි උග්ග සූත්‍රය මුල්කර ගෙන කරන මෙම දේශනාවෙන් උග්ග නම් ගෘහපතියා තුළ පැවති ආශ්චර්ය අද්භූත ධර්ම කාරණා අටක් පිළිබඳව පැහැදිළි කිරීමක් සිදුවේ.

................................
තවත් මෙවන් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ යූටියුබ් චැනයට සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න. හිතවතුන් අතරේ බෙදා හරින්න.

 #සිරිසුගතසෙනසුන #මාවීදළුපොත

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.

https://www.youtube.com/c/vimukthikd FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න https://www.facebook.com/sirisugathas... Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න. https://chat.whatsapp.com/Bl9zUG5Tgrr... #විමුක්තිය උදෙසා #මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ ජූලි මස 28 වෙනි දින ගෞරවනීය කොත්මලේ ධම්මප්‍රිය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්ම දේශනාව. දායකත්වය කුරුණෑගල මරළුවාවේ පදිංචි ගයාන් ජයසුන්දර මහත්මා විසින් භාරගෙන කටයුතු කළා.




Share/Bookmark

විමුක්තිය උදෙසාම උපකාර වන කාල හතරක් පිළිබඳව කරන විග්‍රයක්

කෙලෙස් ප්‍රහාණයෙහිලා උපකාරි වන ප්‍රධානම අංග හතරක් පිළිබඳව මෙම දෙශනාවේ දී විග්‍රහ වේ.

1 දේශනාවේ මාතෘකාව

#අංගුත්තර #නිකාය #චතුක්ක #නිපාත #දුතිය_කාල_සුත්තං #චත‍්තාරොමෙ භික‍්ඛවෙ කාලා සම්මා භාවියමානා සම්මා අනුපරිවත‍්තියමානා අනුපුබ්බේන ආසවානං ඛයං පාපෙන‍්ති. කතමෙ චත‍්තාරො? කාලෙන ධම්මසවනං, කාලෙන ධම්මසාකච්ඡා, කාලෙන සමථො, කාලෙන විපස‍්සනා. මහණෙනි, මේ කාලයෝ (කුශල ධර්‍මයෝ) සතර දෙනෙක් මොනොවට වඩනු ලබන්නාහු මැනවින් වටාලා කරණු ලබන්නාහු ක්‍රමයෙන් ආස්‍රවක්‍ෂයට පමුණුවත්. කවර සතර දෙනෙක යත්: නිසි කාලයෙහි #ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි #ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි #සමථ ය, නිසි කාලයෙහි #විදර්‍ශනා යි. .......................... සූත්‍ර දේශනාවේ ඉතිරි කොටස පෙළ සහිතව පහතින් සඳහන් කර ඇත. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො කාලා සම‍්මා භාවියමානා සම‍්මා අනුපරිවත‍්තියමානා අනුපුබ‍්බෙන ආසවානං ඛයං පාපෙන‍්ති. මහණෙනි, මේ කුශල ධර්‍මයෝ සතර දෙනා මැනවින් වඩනු ලබන්නාහු, මැනවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්. සෙය්‍යාථාපි භික‍්ඛවෙ උපරිපබ‍්බතෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ තං උදකං යථානින‍්නං පවත‍්තමානං පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරෙති. පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරා කුස‍්සුබ‍්භෙ2 පරිපූරෙන‍්ති. කුස‍්සුබ‍්භා2 පරිපූරා මහාසොබ‍්භෙ පරිපූරෙන‍්ති. මහාසොබ‍්භා පරිපූරා කුන‍්නදියො පරිපූරෙන‍්ති. කුන‍්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන‍්ති. මහානදියො පරිපූරා සමුද‍්දං3 සාගරං පරිපූරෙන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ ඉමෙ චත‍්තාරො කාලා සම‍්මා භාවියමානා සම‍්මා අනුපරිවත‍්තියමානා අනුපුබ‍්බෙන ආසවානං ඛයං පාපෙන‍්තීති. මහණෙනි, යම් පරිදි පර්‍වතය මත දළ බිඳු ඇති වැසි වසිත් ම ඒ දිය වළ තැන් තුබූ සැටියෙන් වැටෙමින් පවුකඳුරු පැළිවළන් පුරවයි. පිරීසිටි පවු කඳුරු පැළිවළඳහු කුඩා හෙබහු පුරවත්. පරිපූර්‍ණ කුඩා හෙබහු මහහෙබ පුරවත්. පිරුණු මහහෙබහු කුඩා ගං හෝ පුරවත්. පිරුණු කුඩා ගං හෝ මහනදීන් පුරවත්. පිරුණු මහානදීහු සමුද්‍රසාගරය පුරවත්. මහණෙනි, එ පරිදි ඒ මේ සතර කුසලධර්‍මයෝ මැනැවින් වඩනු ලබන්නාහු, මැනැවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්. ............................................................. තවත් මෙවන් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ යූටියුබ් චැනයට සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න. හිතවතුන් අතරේ බෙදා හරින්න.

 #සිරිසුගතසෙනසුන #මාවීදළුපොත

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.

https://www.youtube.com/c/vimukthikd FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න https://www.facebook.com/sirisugathas... Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න. https://chat.whatsapp.com/Bl9zUG5Tgrr... #විමුක්තිය උදෙසා #මාවීදළුපොත සිරි #සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ #ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ අගෝස්තු මස 27 වෙනි දින ගෞරවනීය දර්ශනපති #රණව #ධම්මකිත්ති ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්ම දේශනාව. #දායකත්වය #කුරුණෑගල #ජයන්තිපුර පදිංචි සුනීතා ජයසුන්දර මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා. ...................................




Share/Bookmark