Tuesday, November 22, 2011

හිස් කළයුතු නැව.

එක් දිවයිනක්. රනින් පිරි රන් දිවයිනක්.
දහසකුත් එකක් බලාපොරොත්තු සිත් තුළ රුවාගත් සියල්ලෝම නැවට ගොඩවිණි. සෙමින් ක්‍රියාත්මක වූ නැව ඒ රන් දිවයින් බලා යාත්‍රාකරන්නට පටන්ගත්හ. ඒය දුම් නැවකි, ඇතුළත බොහෝතැන් ඉතා වටිනා දැවයෙන් විසිතුරු කැටයම් යොදා ඔපවත් කර තිබුණි. රන් දිවඉනට ගොඩබට සියලුදෙනා ලහි ලහියේ රන් එකතු කරමින් නැවෙහි ගොඩගසන්නට විය.
බලාපොරොත්තු වූ රන් ලද බැවින් බලාපොරොත්තු දෙතුන් ගුණයෙන් සිත් තුළ ගුළිවිය.  සැවොම සතුටින් තම රට බලා පිටත් විය. ඒ සතුට බොහොවේලාවක් ඔවුන් හට පවත්වා ගත නොහකිවිය.
කිසිවෙකුත් නොසිතූලෙසින් නැවෙහි ගල් අගුරු අහවර විය. සුලඟ ද නොවූයෙන් රුවල් වලින් ද ප්‍රෙයෝජ ගත නොහැක.

“වෙන කළහැකි දෙයක් නැ....... නැව අලංකාර කර ඇති මේ ලී කැටයම් සියල්ල ගලවා දර බවට පත්කරමු.“ 

එහි වූ නැවියෙක් කීවේය. අකමැත්තෙන් නමුත් ඒ අදහස ක්‍රියාවට නැගෙත් ම නැව පණගැන්වුණි. බියට පත්වූ සැම ප්‍රීති වැකි කියමින් උදම්විය. නැව නැවත ගමනේ ය. ඈත මානයෙන් ගොඩබිම පෙනේ. සියල්ලො සැනසුම් සුසුම් හෙලන්නට විය.
ගතවූයේ නිමේෂයකි. සියල්ල වෙනස් විය. රනින් පිරි නැව හදිස්සියේම අයිස් පර්වතයක ගැටුණි. යටින් සිදුරු වූ නැව තුළට වේගයෙන් මුහුදු ජලය කාන්දු වන්නට පටන් ගත්තේය.
“අහො..........!!! මේ කුමක් වීද..............??? මෙවර නම් අපි සියල්ලන්ට නැව තුළ ම මැරෙන්නයි වෙන්නෙ“ 
දනින් වැටුණ මිනිසෙක් හිස් අහස දෙස බලා කොදුරනු ඇසේ. සියලු බලාපොරොත්තු දියවී යන සෙයකි. තැතිගත්තෝ විපතින් ගැලවෙන සෙයක් ගැන වික්ෂිප්ත  මනසින් සිතන්නට වෑයම් කළහ. මේ සිදුවීම් අතරේ එක් අයෙක් සියල්ලන්ගේ හඬ පරයමින් මොරගෑහ. හැමගේ අවධානය ඔහු වෙතය.
“කරුණාකරල මම කියන දෙයට කන් දෙන්න... 
මේ නැව බර වැඩියි....................!
බර වැඩි නිසා ගොඩක් හෙමින් යන්නෙ. ඊටත් වඩා නැවට වතුර පිරෙන වේගය වැඩියි.
අපි නැව සැහැල්ලු කරමු......................!
නැවේ බර අඩු කරමු.................!“

“ ඔබතුමා කියන දේ අපට තේරෙන්නෑ..................... 
කියන දෙයක් තේරෙන සිංහලෙන් කියන්න..“

“මම කියන්නෙ මේ රත්තරන් සියල්ල මුහුදට දාල මේක සැහැල්ලු කරමු. එතකොට අපිට ඉක්මනින් යන්න පුළුවනි......“

ඔහුගේ වදනින් සියල්ලොම නොසන්සුන් වූහ. 
 
“ඔහේට පිස්සුද.....................????????? 
මේතරම් වටිනා සම්පතක් ජීවිතයේ කිසි දිනක නොලැබේවි. මැරෙනවනම් මේවත් එක්ක ම මැරිලගියාවෙ. විකාර කතා කියන්නැතුව ඉන්නව“
එන්න එන්නම කරදියෙන් පිරෙන නැව කෙමෙන් කෙමෙන් මුහුදු පත්ල සිපගන්නට සැරසෙන්නේ මව් තුරුලට ළන්වෙන කීකරු ළදරුවෙකු විලසින. තවත් මොහොතකින් සියල්ලන් මුහුදු පත්ලේ සැගවෙනු ඇත. ජීවිතය අමිලය. අමිල වූ ජීවිතය රැකගන්නට අකමැත්තෙන් නමුත් රන් බර නිදහස් කරන්නට සිදුවේ. සියල්ලන් ක්‍රියාත්මක විය. රන් සියල්ල මුහුදු පත්ලේ තැන්පත් විය. නැව සැහැල්ලුවිය. නැවේ බර අඩුවිය. සියල්ලෝ ජීවිත ගලවාගෙන ගොඩබිමට ආහ.

සිඤ්ච භික්ඛු ඉමං නාවං
සිත්තා තෙ ලහුමෙස්සති
ඡෙත්වා රාගං ච දොසං ච
තතො නිබ්බාන මෙහිසි    (ධම්මපදය භික්ඛු වග්ගය)

මේ ජීවිතයත් හරියට නැවක් වගෙයි. සංසාරය නැමති මහා සාගරයේ අතරමං වූ මේ ජීවිත නවුකාවෙ බර බොහෝ ය. ඒ වෙන යමක් නොව ජීවිත බරය. බර වැඩි හෙයින් කෙම්බිමක් කරා යනගමනේ වේගය අඩුය. මන්දගාමීය. දුකට පත්වන වේගය හා අවස්ථාව එමටය.
ජීවිත බර සැහැල්ලු කරගන්න, ගමනේ වේගය වැඩිකරගන්න අතහැරීම ජීවිතයට පුරුදු කරගන්න. 

මොනවාද අතහරින්නෙ....................???
හැම දේම....!!
මේ ලෝකෙ තියන ලස්සනම ලස්සන වචන වලින් එකක්
“අතහැරීම“
එය ඔබව සතුට හා සැනසුම වෙත කැදවාගෙන යාවි.
සියල්ලට කලින් යමක් තදින් අල්ලාගන්න. ඒ වෙන යමක්නොව  “අතහැරීම“යි.
____________________________________
මෙම සටහන ප්‍රෙව්ශයකි. තදින් අල්ලාගතයුතුදේ පසුවට කියමු.

Share/Bookmark

No comments:

Post a Comment