Sunday, September 4, 2022

උග්ග ගෘහපතියා තුළ පැවති ආශ්චර්ය අද්භූත ධර්ම කාරණා අට

දේශනාවේ මාතෘකාව

#හත්ථිගාමක_උග්ග_සූත්‍රය අට්ඨහි, භික්ඛවෙ, අච්ඡරියෙහි අබ්භුතෙහි ධම්මෙහි සමන්නාගතං උග්ගං ගහපතිං හත්ථිගාමකං ධාරෙථා’’ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ දෙවැනි උග්ග සූත්‍රය මුල්කර ගෙන කරන මෙම දේශනාවෙන් උග්ග නම් ගෘහපතියා තුළ පැවති ආශ්චර්ය අද්භූත ධර්ම කාරණා අටක් පිළිබඳව පැහැදිළි කිරීමක් සිදුවේ.

................................
තවත් මෙවන් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ යූටියුබ් චැනයට සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න. හිතවතුන් අතරේ බෙදා හරින්න.

 #සිරිසුගතසෙනසුන #මාවීදළුපොත

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.

https://www.youtube.com/c/vimukthikd FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න https://www.facebook.com/sirisugathas... Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න. https://chat.whatsapp.com/Bl9zUG5Tgrr... #විමුක්තිය උදෙසා #මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ ජූලි මස 28 වෙනි දින ගෞරවනීය කොත්මලේ ධම්මප්‍රිය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්ම දේශනාව. දායකත්වය කුරුණෑගල මරළුවාවේ පදිංචි ගයාන් ජයසුන්දර මහත්මා විසින් භාරගෙන කටයුතු කළා.




Share/Bookmark

විමුක්තිය උදෙසාම උපකාර වන කාල හතරක් පිළිබඳව කරන විග්‍රයක්

කෙලෙස් ප්‍රහාණයෙහිලා උපකාරි වන ප්‍රධානම අංග හතරක් පිළිබඳව මෙම දෙශනාවේ දී විග්‍රහ වේ.

1 දේශනාවේ මාතෘකාව

#අංගුත්තර #නිකාය #චතුක්ක #නිපාත #දුතිය_කාල_සුත්තං #චත‍්තාරොමෙ භික‍්ඛවෙ කාලා සම්මා භාවියමානා සම්මා අනුපරිවත‍්තියමානා අනුපුබ්බේන ආසවානං ඛයං පාපෙන‍්ති. කතමෙ චත‍්තාරො? කාලෙන ධම්මසවනං, කාලෙන ධම්මසාකච්ඡා, කාලෙන සමථො, කාලෙන විපස‍්සනා. මහණෙනි, මේ කාලයෝ (කුශල ධර්‍මයෝ) සතර දෙනෙක් මොනොවට වඩනු ලබන්නාහු මැනවින් වටාලා කරණු ලබන්නාහු ක්‍රමයෙන් ආස්‍රවක්‍ෂයට පමුණුවත්. කවර සතර දෙනෙක යත්: නිසි කාලයෙහි #ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි #ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි #සමථ ය, නිසි කාලයෙහි #විදර්‍ශනා යි. .......................... සූත්‍ර දේශනාවේ ඉතිරි කොටස පෙළ සහිතව පහතින් සඳහන් කර ඇත. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො කාලා සම‍්මා භාවියමානා සම‍්මා අනුපරිවත‍්තියමානා අනුපුබ‍්බෙන ආසවානං ඛයං පාපෙන‍්ති. මහණෙනි, මේ කුශල ධර්‍මයෝ සතර දෙනා මැනවින් වඩනු ලබන්නාහු, මැනවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්. සෙය්‍යාථාපි භික‍්ඛවෙ උපරිපබ‍්බතෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ තං උදකං යථානින‍්නං පවත‍්තමානං පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරෙති. පබ‍්බතකන්‍දරපදරසාඛා පරිපූරා කුස‍්සුබ‍්භෙ2 පරිපූරෙන‍්ති. කුස‍්සුබ‍්භා2 පරිපූරා මහාසොබ‍්භෙ පරිපූරෙන‍්ති. මහාසොබ‍්භා පරිපූරා කුන‍්නදියො පරිපූරෙන‍්ති. කුන‍්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන‍්ති. මහානදියො පරිපූරා සමුද‍්දං3 සාගරං පරිපූරෙන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ ඉමෙ චත‍්තාරො කාලා සම‍්මා භාවියමානා සම‍්මා අනුපරිවත‍්තියමානා අනුපුබ‍්බෙන ආසවානං ඛයං පාපෙන‍්තීති. මහණෙනි, යම් පරිදි පර්‍වතය මත දළ බිඳු ඇති වැසි වසිත් ම ඒ දිය වළ තැන් තුබූ සැටියෙන් වැටෙමින් පවුකඳුරු පැළිවළන් පුරවයි. පිරීසිටි පවු කඳුරු පැළිවළඳහු කුඩා හෙබහු පුරවත්. පරිපූර්‍ණ කුඩා හෙබහු මහහෙබ පුරවත්. පිරුණු මහහෙබහු කුඩා ගං හෝ පුරවත්. පිරුණු කුඩා ගං හෝ මහනදීන් පුරවත්. පිරුණු මහානදීහු සමුද්‍රසාගරය පුරවත්. මහණෙනි, එ පරිදි ඒ මේ සතර කුසලධර්‍මයෝ මැනැවින් වඩනු ලබන්නාහු, මැනැවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්. ............................................................. තවත් මෙවන් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ යූටියුබ් චැනයට සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න. හිතවතුන් අතරේ බෙදා හරින්න.

 #සිරිසුගතසෙනසුන #මාවීදළුපොත

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.

https://www.youtube.com/c/vimukthikd FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න https://www.facebook.com/sirisugathas... Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න. https://chat.whatsapp.com/Bl9zUG5Tgrr... #විමුක්තිය උදෙසා #මාවීදළුපොත සිරි #සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ #ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ අගෝස්තු මස 27 වෙනි දින ගෞරවනීය දර්ශනපති #රණව #ධම්මකිත්ති ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්ම දේශනාව. #දායකත්වය #කුරුණෑගල #ජයන්තිපුර පදිංචි සුනීතා ජයසුන්දර මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා. ...................................




Share/Bookmark

Thursday, August 4, 2022

 දේශනාවේ මාතෘකාව

සහස්සමපි චෙ වාචා අනත්‍ථපදසංහිතා එකං අත්‍ථපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මති. (ආකාශවර්‍ණනාදි) අනර්‍ත්‍ථපදයෙන් යුත් (අවැඩ කොටසින් යුත්) තෙපුල්හු දහසක් නුමුදු උතුම් නො වෙති. යම් (පංචස්කන්‍ධාදි වූ) එක් අර්‍ත්‍ථපදයකුදු අසා පුගුල් තෙම (කෙලෙස් සංහිඳීමෙන්) සන්හිඳේ ද, එසේ වූ (නිර්‍වාණ ප්‍රතිසංයුක්ත වූ, ස්කන්‍ධාදිය ප්‍රකාශ කරන) අර්‍ත්‍ථසාධක එක් පදය පවා උතුම්ය. ධම්මපදයේ සහස්ස වග්ගයේ පළමු ගාථාව මුල්කරගෙන කළ දේශනාවකි.

#මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ ජූනි මස 25 වෙනි දින ගෞරවනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ දර්ම දේශනාව. දායකත්වය කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ සිතාරා ඒකනායක සහ තුෂාර ඒකනායක යන පින්වතුන් විසින් භාරගෙන කටයුතු කළා.

 #සිරිසුගතසෙනසුන #මාවීදළුපොත   

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.

https://www.youtube.com/c/vimukthikd

FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න

https://www.facebook.com/sirisugathasenasuna

Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න.

https://chat.whatsapp.com/Bl9zUG5TgrrLgz3ptPJOYC




Share/Bookmark

දේශනාවේ මාතෘකාව

පතිරූපදේසවාසෝ ච - පුබ්බේ ච කතපුඤ්ඤතා අත්තසම්මා පණිධි ච - ඒතං මංගල මුත්තමං (මංගල සූත්‍රය) පුද්ගලයෙකුකේ මෙලොව පරලොව සුපවත් කරගැනීමට අවශ්‍ය වැදගත් කාරනා වන පාරිසරික සාධක කර්ම සාධක මානසික සාධක යන කාරණා තුන පිළිබඳව මනා විග්‍රහයක් මෙම දේශනාවෙන් ඉදිරිපත් වේ.

#මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ ජූනි මස 26 වෙනි දින දර්ශනපති ගෞරවනීය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්ම දේශනාව. දායකත්වය කුරුණෑගල, මාවීදළුපොත 8 වන පටුමග පදිංචි රීටා පද්මසීලී මහත්මිය සහ සෂීකලා එරන්දි හා ගයාත්‍රී ඉරේෂා යන දියණිවරුන් විසින් භාරගෙන කටයුතු කළා.

 #සිරිසුගතසෙනසුන #මාවීදළුපොත   

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.

https://www.youtube.com/c/vimukthikd

FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න

https://www.facebook.com/sirisugathasenasuna

Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න.

https://chat.whatsapp.com/Bl9zUG5TgrrLgz3ptPJOYC


Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.


Share/Bookmark

දයාබර පියාණන්ගේ වර්ෂ පූර්ණ පින්කම 


ඒ.යූ. ප්‍රේමරත්න අප පියාණන් අභාවයට පත්ව වසරක් සපිරෙන මොහොතේ සිදුකළ ප්‍රාප්ති දානමය පින්කමේ ධර්ම දානමය පින්කම. ගෞරවනීව අප කළ්‍යාණමිත්‍ර ගම්පොල ජයමාලපුර ශ්‍රී සුමනාරාමාධිපති ගම්පොළ ශ්‍රී බවනෙකබා මහ පිරිවනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත හඳුන්ගමුවේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ විසින් අප නිවසේ දී මෙම ධර්ම දේශනාව පවත්වන ලදි.

මාගේ පියාණන්ගේ අභාවයෙන් වර්ෂයක් සම්පූර්ණ වන මොහොතේ එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ධර්ම දානමය පිංකමක් සහ සඟසතු දානමය පින්කමක් අප නිවසේ පැවැත්වුණා. පසුගිය දිනක එම පිංකම ඉතාමත්ම හොඳින් සිදු කර නිමාවට පත් කර ගැනීමට හැකියාව ලැබුණා. එම පිංකම සාර්ථක කර ගැනීමට බොහෝ දෙනකුගේ සහයෝගය, ඉතා ඉහළින් ලැබීම කෘතඥතා පූර්වකව සිහිපත් කරනුයේ ඉතා සෙනෙහසිනි. 

එහිදී අප ගමේ විහාරස්ථානය වන වෑගම පන්සලේ ගෞරවනීය විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය විජිතපුර ගුණරතන ස්වාමින් වහන්සේගේ හා පන්සලේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුග්‍රහය ගෞරවයෙන් සිහිපත් කරමි. මාගේ ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ සහ සහෝදර ස්වාමීන් වහන්සේලා ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. 

තවද රාත්‍රී ධර්ම දේශනාව සිදු කොට වදාළ මාගේ කල්‍යාණ මිත්‍ර ගෞරවනීය පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළ කළ්‍යාණමිත්‍රයන් වහන්සේලා ද ගෞරවයෙන් සිහි කරමි. 

තාත්තාගේත් අම්මාගේත් දෙපාර්ශවයේම ඥාතීන් හැම දෙනාම ඉතාම කෘතවේදීව සිහිපත් කරමි. විශේෂයෙන්ම කිව යුතුය වන්නේ අපේ තාත්තාට බෙහෙවින් ආදරය කළ අපේ ගමේ තරුණ පිරිසයි. ඒ හැමකෙනෙක්ගේම කැපවීම ප්‍රසංශනීයයි. පිංකම ලස්සන කරගන්නට අයියලා මල්ලිලා අක්ලා නංගිලා නැන්දලා මාමලා ගොඩාක් කැපකිරීම් කරලා මහන්සි වෙලා වැඩ කළා. ඒ හැම කෙනෙක්ම ගොඩාක් උදව් කළා. දෙමස්සිනාලගෙ පව්ල්ව හැමෝමත් නෑණන්ඩියගේ පව්ලේ හැමෝමත් කළ කැපකිරීම් සිහිකරනුයේ ඉතා ආදරයෙනි. 

සරසවියේ හමුවූ දයාබර සහෝදරත්වය හා ඒ පව්ල්වල හැම, මෙහිදී ද මහත් සවියක් විය. තවත් සිහිකළයුතු දෑ බොහෝමයි. පිංකම ලස්සනට කරල නිමාකරගන්න අනේකාකාරායන් සහයවූ සැමට අම්මා, අක්කා, මල්ලී, නංගී වෙනුවෙන් හදපිරි කෘතඥතාවය පිරිනමමි. සම්බන්ධවූ සැමට මේ උතුම් පුණ්‍ය ධර්මයන් සසර සුවපත් කරගෙන නිවනින් සැනසීම පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරමි. හැමෝටම ගොඩක් පිං..!

ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමයට පහතින් පිවිසෙන්න.




Share/Bookmark

 දේශනාවේ මාතෘකාව

ඡන්ද මූලකා ආවුසෝ සබ්බේ ධම්මා මනසිකාර සම්භවා සබ්බේ ධම්මා පස්ස සමුදයා සබ්බේ ධම්මා වේදනා සමොසරණා සබ්බේ ධම්මා සමාධිප්පමුකා සබ්බේ ධම්මාතී.


සංඛාර පිළිබඳ වටිනා විග්‍රහයක් මෙම දේශනාවේ අන්තර්ගත වේ. සද්ධානුසාරි ධම්මානුසාරී ස්වභාවය පිළිබදවත් මෙම දේශනාවෙන් ඉදිරිපත් වේ.

#මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ ජූලි මස 17 වෙනි දින  ගෞරවනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්ම දේශනාව.


දායකත්වය කුරුණෑගල පදිංචි බී.ආර්. ලියනගේ මහත්මා ශිරෝමි අබේරත්න මහත්මිය සහ අසෝක ගල්ගමුව මහත්මා ධම්මිකා ගල්ගමුව මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා.

 #සිරිසුගතසෙනසුන #මාවීදළුපොත   

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.

https://www.youtube.com/c/vimukthikd

FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න

https://www.facebook.com/sirisugathasenasuna

Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න.

https://chat.whatsapp.com/Bl9zUG5TgrrLgz3ptPJOYC




Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.


Share/Bookmark

Monday, April 4, 2022

පාට පාට මල් ගැන අමුතු කථාවක්

පාට පාට මල් ගැන අමුතු කථාවක් 

යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං අගන්‍ධකං

එවං සුභාසිතා වාචා අඵලා හොති අකුබ්බතො. ( ධම්ම පදය - ඵුප්ප වග්ගය) මලක් උනාම ලස්සන වගේම සුවඳ තියෙන්න ඕනි එතකොට තමයි ගොඩක් වටින්නෙ. ලස්සන විතරක් තියන සුවඳ නැති මල් වගේ මිනිස්සුත් සමාජයේ ඉන්නව. ඒ අය ලඟ සුවඳ නෑ. සුවඳ කීවෙ ගුණ සුවඳ. මොකද ඒ අය ගාව සත්‍ය ධර්මය නෑ. එහෙම මිනිස්සු හැමදාම හැමතැනම සමාජයට පිළිලයක්. ඇත්තටම ගුණ සුවඳ නැති මිනිස්සු සමාජයට  ඵලක් නැති තරම්.

කොසොල් රජුගේ බිසෝවරුන්ගේ යම් සිදුවීමක් නිසා කළ දේශනාවක්. සැවැත් නුවරදි තමයි මේ දේශනාව කරන්නෙ බුදුරජාණන් වහන්සේ.

ඡත්තපාණිගෙන් ඉගෙන ගන්න තියන වටිනා පාඩම් දෙකක් සමග අද සමාජයට වැදගත්වන කරුණු කීපයක් සාකච්ඡා වෙන වටිනා ධර්ම දේශනාවක්. සම්පූර්ණ දේශනාව පහලින් ලින්ක් කරන්නම්.

සාධු සිතින් අනුමෝදන් වෙත්වා. තෙරුවන් සරණයි.


ගාථාව මත ක්ලික් කර දේශනාවට සම්බන්ධ වන්න.





Share/Bookmark