Thursday, August 4, 2022

දයාබර පියාණන්ගේ වර්ෂ පූර්ණ පින්කම 


ඒ.යූ. ප්‍රේමරත්න අප පියාණන් අභාවයට පත්ව වසරක් සපිරෙන මොහොතේ සිදුකළ ප්‍රාප්ති දානමය පින්කමේ ධර්ම දානමය පින්කම. ගෞරවනීව අප කළ්‍යාණමිත්‍ර ගම්පොල ජයමාලපුර ශ්‍රී සුමනාරාමාධිපති ගම්පොළ ශ්‍රී බවනෙකබා මහ පිරිවනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත හඳුන්ගමුවේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ විසින් අප නිවසේ දී මෙම ධර්ම දේශනාව පවත්වන ලදි.

මාගේ පියාණන්ගේ අභාවයෙන් වර්ෂයක් සම්පූර්ණ වන මොහොතේ එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ධර්ම දානමය පිංකමක් සහ සඟසතු දානමය පින්කමක් අප නිවසේ පැවැත්වුණා. පසුගිය දිනක එම පිංකම ඉතාමත්ම හොඳින් සිදු කර නිමාවට පත් කර ගැනීමට හැකියාව ලැබුණා. එම පිංකම සාර්ථක කර ගැනීමට බොහෝ දෙනකුගේ සහයෝගය, ඉතා ඉහළින් ලැබීම කෘතඥතා පූර්වකව සිහිපත් කරනුයේ ඉතා සෙනෙහසිනි. 

එහිදී අප ගමේ විහාරස්ථානය වන වෑගම පන්සලේ ගෞරවනීය විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය විජිතපුර ගුණරතන ස්වාමින් වහන්සේගේ හා පන්සලේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුග්‍රහය ගෞරවයෙන් සිහිපත් කරමි. මාගේ ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ සහ සහෝදර ස්වාමීන් වහන්සේලා ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. 

තවද රාත්‍රී ධර්ම දේශනාව සිදු කොට වදාළ මාගේ කල්‍යාණ මිත්‍ර ගෞරවනීය පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළ කළ්‍යාණමිත්‍රයන් වහන්සේලා ද ගෞරවයෙන් සිහි කරමි. 

තාත්තාගේත් අම්මාගේත් දෙපාර්ශවයේම ඥාතීන් හැම දෙනාම ඉතාම කෘතවේදීව සිහිපත් කරමි. විශේෂයෙන්ම කිව යුතුය වන්නේ අපේ තාත්තාට බෙහෙවින් ආදරය කළ අපේ ගමේ තරුණ පිරිසයි. ඒ හැමකෙනෙක්ගේම කැපවීම ප්‍රසංශනීයයි. පිංකම ලස්සන කරගන්නට අයියලා මල්ලිලා අක්ලා නංගිලා නැන්දලා මාමලා ගොඩාක් කැපකිරීම් කරලා මහන්සි වෙලා වැඩ කළා. ඒ හැම කෙනෙක්ම ගොඩාක් උදව් කළා. දෙමස්සිනාලගෙ පව්ල්ව හැමෝමත් නෑණන්ඩියගේ පව්ලේ හැමෝමත් කළ කැපකිරීම් සිහිකරනුයේ ඉතා ආදරයෙනි. 

සරසවියේ හමුවූ දයාබර සහෝදරත්වය හා ඒ පව්ල්වල හැම, මෙහිදී ද මහත් සවියක් විය. තවත් සිහිකළයුතු දෑ බොහෝමයි. පිංකම ලස්සනට කරල නිමාකරගන්න අනේකාකාරායන් සහයවූ සැමට අම්මා, අක්කා, මල්ලී, නංගී වෙනුවෙන් හදපිරි කෘතඥතාවය පිරිනමමි. සම්බන්ධවූ සැමට මේ උතුම් පුණ්‍ය ධර්මයන් සසර සුවපත් කරගෙන නිවනින් සැනසීම පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරමි. හැමෝටම ගොඩක් පිං..!

ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමයට පහතින් පිවිසෙන්න.




Share/Bookmark

No comments:

Post a Comment