Wednesday, January 4, 2012

"ධම්මොසධ සමංනත්ථි ඒතං පිවත භික්ඛවො....."

වැහි පොදක් වන්නට
වියලි බිම් තෙමෙන්නට
බත් කටක් වන්නට
දිළිදු කුස් පිරෙන්නට
වන මලක් වන්නට
සුවද විහිදන්නට
ගීතයක් වන්නට
ලොවම පුබුන්නට
සොදුරු හෙටක් වන්නට
හෙටක් නැති මිනිසුනට හැමවිට..............................
ඔබ සැමගේ ආත්ම ශක්තිය ලැබූ 2012 වසරේ ප්‍රබල වේවායි අප පැතුමයි.................!!!

ධර්මය ඔසුවකි. කායික, මානසික සියලු දුක් නසාලන. සජීවීව ඔබට බුදු බණ පදයක් ශ්‍රවණය කරන්න මහගු අවස්ථාවක්. කුරුණෑගල, මාවිදළුපොත සිරි සුගත සේනායනයේ පහළොස්වන වරට පවත්වන වාර්ෂක පින්කම් මාලාව මේ දිනවල එම සේනාසනය තුළ සිදුවෙමින් පවතී.

Share/Bookmark

Tuesday, November 22, 2011

හිස් කළයුතු නැව.

එක් දිවයිනක්. රනින් පිරි රන් දිවයිනක්.
දහසකුත් එකක් බලාපොරොත්තු සිත් තුළ රුවාගත් සියල්ලෝම නැවට ගොඩවිණි. සෙමින් ක්‍රියාත්මක වූ නැව ඒ රන් දිවයින් බලා යාත්‍රාකරන්නට පටන්ගත්හ. ඒය දුම් නැවකි, ඇතුළත බොහෝතැන් ඉතා වටිනා දැවයෙන් විසිතුරු කැටයම් යොදා ඔපවත් කර තිබුණි. රන් දිවඉනට ගොඩබට සියලුදෙනා ලහි ලහියේ රන් එකතු කරමින් නැවෙහි ගොඩගසන්නට විය.
බලාපොරොත්තු වූ රන් ලද බැවින් බලාපොරොත්තු දෙතුන් ගුණයෙන් සිත් තුළ ගුළිවිය.  සැවොම සතුටින් තම රට බලා පිටත් විය. ඒ සතුට බොහොවේලාවක් ඔවුන් හට පවත්වා ගත නොහකිවිය.

Share/Bookmark

Saturday, October 22, 2011

සැබෑම උපකාරය


නගරයේ එක් නිවසක "සුරතල් බලුපැටවුන් විකිනීමට තිබේ" යැයි දර්ශනීය නාම පුවරැවකි.

මෙය දුටු කුඩා දරුවා එහි ගොස් "ඔබ ලග ඉන්න බලුපැටවුන්ගේ මිලගනන් කොහෙමද?" යැ විමසීය.

අයිතිකරු " රුපියල් 800 ත් 1000 අතර මිලකට ගන්න පුළුවනි"
දරැවා තම සාක්කුවලට අතයොමා එලියට ගත් මුදල් ගනින්නට විය. අනතුරැව "මගේ ලග තියෙන්නෙ 750 යි. කමක් නැ මට ඔයාගේ බලුපැටව් බලන්න පුළුවන්ද?" යි ඇසුවෙය.

Share/Bookmark